Google මේ වන විට තම Android 13 සදහා අවසාන පෙර සංස්කරනය නැතිනම් Beta 4 සදහා පිවිස තිබෙනවා. මේ අනූව එම ආයතනය Android 13 ලෙසට නම්ව ඇති තම ප්‍රකට මොබයිල් මෙහෙයුම් පද්ධතියේ අවසාන සංස්කරනය සදහා සූදානම් බවටයි ඇගවෙන්නේ. නව සංස්කරනය සමග වන්නට නියමිත වඩාත් ආකර්ෂණීය අංග පිලිබඳව දැනටමත් කථා බහට ලක්ව ඇති අතර tap-to-transfer අංගය, ‘cinematic’ wallpapers, Opt-in notifications, QR code scanner, ‘Panlingual’, Battery measures, මෙන්ම UWB support, Support for Bluetooth Low-Energy Audio ඇතුලු බොහොමයක් වනවා. කෙසේ වෙතත් Android 13 වල සාමාන්‍ය නිකුතුවට අදාලව තවමත් දින නියමවීමක් සිදුව නැත.
Pubudu Siriwansa