Google ආයතනය අද Android 12 නිකුත්කරන්නට නියමිතය. Pixel 3 සිට ඉහලට වන ප්‍රමුකතාවය ඔස්සේ මෙම නිකුතුව ඉදිරියට ගලා යන්නට නියමිත අතර “Material You” මත පදනම්ව පැමිනෙන නව නිකුතුවේදී personality, privacy සහ ease of use යන සංකල්ප මත කල දියුනු කිරීම් රාශියක් වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. Google වැඩි දුරටත් පවසන්නේ ඔබ ‍තෝරා ගන්නා wallpaper එකේ සිටම භාවිතාකරන්නා සදහා වැඩි නිදහසක් හා අවකාශයක් පැමිනෙන්නට නියමිත බවයි. වැඩි දියුනු කල privacy සමග app විසින් භාවිතාකරන්නාගේ තොරතුරු ‍රැස්කරගැනීමෙ අමෙන්ම ඒවායේ භාවිතාව වැඩි අවධානයට ලක්කොට තිබේ. Samsung Galaxy, OnePlus, Oppo, Realme, Tecno, Vivo මෙන්ම Xiaomi වෙතට Android 12 පැමිනීම මෙම වසර අවසානයේ සිට ආරම්භ වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa