AdBlock Plus වෙබ් භාවිතාකරන්නන් අතර ජනංප්‍රිය වන්නේ වේගයෙන් බහුලවන වෙළඳ දැන්වීම් පැමිනීම ඔස්සේ විටක දැඩි අපහසුතාවයක්ද කැදවන නිසාවෙනි. කඩා පනින වෙළඳ දැන්වීම් වැනි ක්‍රමවේද ඔස්සේ විටක ඒවා ආක්‍රමනකාරී ලෙසට හැසිරීම විරල අත්දැකීමක්ම නොවේ. දැනටමත් Firefox , Chrome, Internet Explorer සදහා වන extensions ලෙසට පැමින ඇති අතර ඔවුනට ඇති ප්‍රකට චෝදනාවක් වන්නේ Google සදහා whitelist කිරීමක් එනම් තම පහසුව ඔස්සේ google වෙළඳ දැන්වීම් බාදක නොකිරීමක් යම් ගෙවීමක් ඔස්සේ කෑන්නට කටයුතු කරන බවකි. පලවන් නවතම තොරතුරු වලට අනූව AdBlock Plus වෙතින් Android සදහා web browser මෙම මස 20 දා නිකුතුවකට සූදනම් වන බව කියවෙනවා. මෙම නිකුතුව chromium rendering engine මත නිර්මාණය වෙන්නක් ලෙසට තොරතුරු කියවෙන අතර වැඩි දුර තොරතුරු බාලපොරොත්තු වෙමින් තිබෙනවා.