Intel වෙතින් එන්නට නියමිත බවට පෙර ප්‍රකාශවී තිබූ 5th Gen Core processors නිකුතුව මේ වන විට නිල ලෙසට නිවේදනය වී තිබෙනවා. CES වලදී සිදුවූ මෙම නිවේදනයවීම අනූව 14nm නිෂ්පාදන ක්‍රමවේදයට අනූව නිර්මානය වන මෙම නිකුතුව දියුනූ කල performance මෙන්ම graphics මෙන්ම battery life ගෙනෙනා බවටයි Intel වෙතින් පැවසෙන්නේ. පැවති Haswell ප්‍රොසෙසර් සමග සැසදීමේදී සියයට 20-30 ක බැටරි ජීවකාලය ජංගම උපාංග භාවිතය බහුල වන මෙම යුගයේ අවශයතාවය වඩාත් හොඳින් සපුරන්නට සූදානම් බවටයි දැක්වෙන්නේ. Intel පවසන්නේ තම 5th generation processors සමග 2 in 1s, ultrabooks, notebooks, Chromebooks, All-in-One PCs and mini PCs ආදී සියලුම් උපාංග සදහා වඩාත් සිහින් නිමාවක්, අඩු බ‍රැති බවක් මෙන්ම කාර්යක්ෂම භාවිතාවක් ගෙනෙනු ඇති බවත්ය. එසේම එම ආයතනය පැහැදිලි කරන්නේ තමන් Core i3, i5 මෙන්ම i7 සියලුම නිකුතූන්ට අදාල වන ලෙසට නව තාක්ෂනය සමග එන ප්‍රොසෙසර් 14 නිකුත් කරන්නට කටයුතු කරන බවයි. මීට අමතරව Intel මේ වන විට පවසා සිටින්නේ තම නව නිකුතුවේ tablets සදහා වන සංස්කරනය “Cherry Trail” නමින් නිකුතුවටද සූදනම් බවකි. මෙම SoC (System-on-Chip) නිකුතුව සමග 64-bit, දියුනුකල graphics හැකියාව , හා වැඩි battery life එකක් ගෙනෙන්නට සමත්වනු ඇති බවය.