AT&T පවසන්නේ තමන් තම 5G cellular පහසුව North Carolina සහ Oklahoma City වෙතටද ව්‍යාප්ත කරන්නට සූදානම් බවයි. එලබෙන යුගයේදී පුද්ගල මෙන්ම ආයතනික අර්ථයන්ගෙන් සැලකීමේදී නව උදාවක් ගෙනෙන්නට බලාපොරොත්තු උදා කර ඇති 5G යුගය පිලිබඳව ප්‍රධාන පෙලේ ආයතනයන් කිහිපයක්ම කටයුතු කරමින් සිටියද මෙම ආයතනය දැනටමත් ඇමරිකානු Dallas, Atlanta, හා Waco නගර වල තම සේවා කටයුතු ක්‍රියාත්මක කරමින් සිටී. මොබයිල් සබඳතා අවකාශයේදී දැනට භාවිතාකරන්නන් විදිමින් සිටින බොහෝ ගැටලු සදහා සාර්ථක විසඳුම් ගෙනෙන්නට සූදානම් 5G යුගය වඩාත් කාර්යක්ෂම තොරතුරු භාවිතාවක් සදහා සූදානම් වෙමින් සිටී.
– Pubudu Siriwansa