self-driving technology යනු එලබෙන යුගයට තබා ඇති තවත් ප්‍රධාන බලාපොරොත්තුවකි. වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත ආකාරයට මංමාවත් භාවිතට ප්‍රධාන කැඳවුමක් ගෙනෙනු ඇති බවට බලාපොරොත්තු ගෙනෙන මෙම self-driving technology සමග ලොව ප්‍රධානතම ආයතනයන් රාශියක් කටයුතු කරමින් සිටිනවා. Waymo ආයතනය පවසන්නේ තමන් මේ වන විට ප්‍රසිද්ධ මාවත්වලදී සැතපෞම් මිලියන අටක් සම්පූර්න කරන්නට සමත්ව ඇති බවයි. මේ අනූව දෛනිකව සැතපුම් 25000 ප්‍රමානයක් සම්පූර්න කරමින් සිටින ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ තමන් ප්‍රසිද්ධ මාවත් වලට අමතරව virtual simulations වලදී සැතපුම් බිලියන 5ක් පමන සාර්ථකව අත්හදා බලන්නට සමත්ව ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම self-driving solutions සැබෑ ලෝකයේ භාවිතට පැමිනීමට අප දැනට සිතනා තරම් කාලයක් නොගන්නා ඇති බවයි. දැනටමත් බොහෝ ආයතනයන් තම නිකුතුවන් සමග driving assistance සහය සංයුත්ත කරන්නට කටයුතු කර තිබෙනවා.
Pubudu Siriwansa