Statcounter තම  November 2022 report එක පලකරමින් පවසන්නේ Windows 11 සෙමින් මුත් ස්ථාවර වීමක් පෙන්වමින් තිබෙන බවයි. Windows 10 තම භාවිතය 70% වලින් පහලට එමින් 69.77%  ලෙසට වාර්ථා කරන්නේ පසුගිය මාසයට සාපේක්ශව -1.49 පහල යාමකින් වන අතර Windows 7  10.24% ක භාවිතාවක් සටහන් කරමින් සිටිනව බවට පැහැදිලි කරනවා. Microsoft  දැනටමත් සැලසුම්කොට ඇත්තේ Windows 7  සදහා දැනට ලබා දෙමින් සිටින  Extended Security Updates සහයද එලබෙන වසරේ පලමු කාලයේ අවසන් කර දමන්නට එනම් සම්පූර්නයෙන්ම අත්හැර දමනලද මෙහෙයුම් පද්ධතියක් බවට පත්කරන්නටවේ. එම වාර්ථාව තවදුරටත් පවසන්නේ වසර 8 කට පෙර සහය අවසන් කර දමන ලද Windows XP වල භාවිතාවද 0.4% ලෙසටත්, Windows 8.1 a/ 8 වලදී 2.54% / 0.79%  ලෙසටත් එම වාර්ථාව පවසා සිටිනවා.

   සමස්ථායක් ලෙසට ලොව Windows වල සමස්ථ active devices ප්‍රමානය 1.5 billion ලෙසටත් ගනනය වෙමින් ලොව බහුලතම භාවිතාව ලබන මෙහෙයුම් පද්ධතිය ලෙසටත් වාර්ථා කරනවා. එසේම Android සදහා භාවිතාව 43.37% ලෙසටත්  Windows වලදී 29.24% ලෙසට මෙන්ම iOS  වලදී 17.25% ලෙසටත් වාර්ථා කරන්නට ඔවුන් කටයුතු කර සිටිනවා.

Pubudu Siriwansa