Google යනු ලොව විශාලතම සෙවුම් යන්ත්‍රයේ හිමිකරුවා පමනක්ම නොවේ. ඔවුන් යටතේ ක්‍රියාත්මක වන තවත් ව්‍යාපෘති රාශියකි. ඒවා අතර Google Glass, Google balloons මෙන්ම Waymo නම් ස්වංක්‍රීය රියදුරු හැකියාවද මහත් කථා බහට ලක්වූවන් වේ. X Team පවසන්නේ කාර්යාල පසුබිමක දී වඩාත් කාර්යක්ශම සහයකයා ඔවුන්ගේ සංවර්ධනය වෙමින් ඇති ව්‍යාපෘතියක්ව තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ දොර‍ටුව විවෘත කිරීම, මේසය පිරිසිදු කිරීම, meeting rooms වල අසුන් පිලියල කිරීම වැනි සරල කාර්නාවල සිට සංකීර්න තීරන ගැනීම දක්වා මිනිස් කටයුතු සදහා සහය වන්නට සූදානම් වෙමින් සිටින බවකි. වැඩි දියුනු වන ඇල්ගෝරිතම ඔස්සේ පෙර කාලයේ මාස හතරක කාලයකදී ලද ප්‍රගතිය එක් දිනකදී 90%ක නිරවද්‍යතාවයකින් අත්පත් කරගන්නට ඒ වන විට හැකිව ඇති බවයි. නුදුරු අනාගතයේදීම මෙම සහයකයන් ඔවුන්ගේ කාර්යාල පසුබිම් වලදී අත්හදා බලන්නට නියමිත ව තිබෙනවා.
Pubudu Siriwansa