ආරක්ශිත පරිගණකය නිරන්තර අභියෝගයකි. හුදකලා පරිගණකයෙන් ඔබ්බට වන හැම විටම පරිගණකය යම් අනාරක්ශිත බවක් සමග වන අරගලය ඇරබෙන බව දැන් වන විට පැහැදිලි කාරනවකි. එය දෘඩාංග මට්ටමෙන් ඉහලට වන සියළුම මෘදු ආකාරයන්ගේ සිට නැතිනම් firmware මට්ටමේ සිට පැමිනිය හැක්කේ සමහර විට එම උපාංගයේ හෝ සමස්ථ පරිගණකයේ නිෂ්පාදන ආයතනයේ සිටම විය හැකිය. ඉන් අනතුරුව අප විසින් ස්ථාපනය කරන මෙහෙවුම් පද්ධතියේ සිට ඉහලට වන ක්‍රියාකාරකම් මෘදුකාංග දක්වා ඔනෑම අවස්ථාවක ඒවා සමග පැමින පරිගණකය තුල පැලපැදියම් වන්නට අවස්තාව ඇත.
නිතරම වගකීමක් සහිත මෘදුකාංග ස්ථාපනය මෙන්ම නියමිත යාවත්කාලීන මට්ටමේ තබා ගැනීම පමනක් නොව පරිගණකය මත හොඳ මට්ටමක ආරක්ෂක මෘදුකාංගයක් ස්ථාපනය කර වඩාත් නවීන යාවත්කාලීන සමග පවත්වාගෙන යාම ඉතා වැදගත් වේ. තවත් අතකින් පැවසිය යුත්තේ මේ හානිකරයන් හැමවිටම ඔබගේ පරිගණකයේ තාක්ෂනික දුර්වලතා ඔස්සේ පමනක්ම නොපැමිනේ. විටක ඔබව භාවිතාකරන්නේකු ලෙසට නොමග යැවීමෙන්ද ස්ථාපනයට මග සලසා ගැනීම හෝ අවසර පද ලබා ගැනීම වැනි ක්‍රම ඔස්සේ අනවසර පිවිසුමකට මගපාද ගන්නා අවස්ථා බහුලව දැකිය හැකිය.
Pubudu Siriwansa