දත්ත උපකරණයක වන browsers මුදුකාංගය ඉතා වැදගත් එකකි. Google, Microsoft, Apple, නැතිනම් Mozilla වැනි ආයතන වෙතින් එන මෙම මෘදුකාංග කොටසේ විවිධත්වය විටක සමස්ථ බ්‍රවුසර භාවිතාවට ගැටළුවක් වන්නේ ඒකමිතික බවක් නැති කම නැතිනම් Chrome, Edge, Safari, හෝ Firefox වැනි බ්‍රවුසර වල වන විවිධත්වය භාවිතාකරන්නන්ගේ web experience එක සදහා බලපාන නිසාවෙනි. ඒ නිසාම ඉහතකී ප්‍රධාන ආයතනයන් අතුළු සම්පත් දායිකයින් එකතුව Interop 2022 නම් interoperability benchmark නැතිනම් පොදු ප්‍රමිතයක් තනාගන්නට කටයුතු කරමින් සිටී. ඔවුන් පැහැදිලි කරන්නේ modern browsers සදහා වැදගත් වන අංග 15ක් ගැන අවධානය දෙමින් nterop 2022 නම් benchmark එක නිර්මාණය වන අතර එහිදී cascade layers, color spaces, CSS color functions, viewport units, scrolling, form controls, වැනි අංගයන් ගැන අවධානය යොමුකරමින් සිටිනවා. වඩාත් පහසු browser භාවිතාවක් developers මෙන්ම users වෙතට ගෙනෙන්නට උත්සාහ කරන Interop 2022 ව්‍යාපෘතිය වසර කිහිපයක් ඔස්සේ ඉදිරියට යන්නට නියමිත වන බවටයි නිවේදනය වන්නේ.
Pubudu Siriwansa