අන්තර්ජාල සේවා සපයන ආයතනයන්ට අවශ්‍ය වන්නේ වැඩි වැඩියෙන් දත්ත නැතිනම් Data භාවිතා කරන්නට පොලබවන්නටය. තවත් දෙසකින් OS, මෙන්ම apps වලට අවශ්‍ය වන්නේ වැඩි වැඩියෙන් තම භාවිතාව කරන්නට කටයුතු සැලසීමය. ඔබගේ පලමුකාරිය විය යුත්තේ මෙම භාවිතාවන්ට ඔබ ගැන තොරතුරු ‍රැස්කරගැනීම සීමා කිරීමය. පලමු පියවරේදී අලුත් දුරකථනය සංක්‍රියකරන මොහොතේදී සිටම ඔබ ගැන තොරතුරු ‍රැස්වීම සීමා කරගන්නට ඔබගේ අවධානය යොමුකල යුතුය. දෙවන පිට්යවරේදී Apps ස්ථාපනය කරන අවස්ථාවේදීම ඒවාට ඔබගේ තොරතුරු ‍රැස්කරගන්නට ඉඩ දීම සීමා කල යුතුය. Apps වලින් අවසර ඉල්ලා සිටින ආකාරයට Camera මෙන්ම Microphone ආදියට ඉඩ තැබීම වෙනුවට ඔබ අවශ්‍ය වන ආකාරයට පාලනය කිරීම වැදගත්වේ. තවත් අතකින් your location යන්න වැදගත් තොරතුරකි. ඒ නිසා එය share කිරීමේදී වැදගත් අවධානයක් තබා ගත යුතුය. බොහෝ විට ඉහත තොරතුරු සදහා ඔබගෙන් ඉල්ලා සිටින විටදී “only once” වැනි සීමා සහිත අවසරයකට යාම වැදගත්වේ.
Pubudu Siriwansa