FACEBOOK විසින් මෙම වසර තුලදී අවසන් කරන්නට බලාපොරොත්තු වන ප්‍රධාන පෙලේ සේවා 3ක් වන බවට දැනටමත් ප්‍රකකශිතය. ඒවා අතර වන Nearby friends අංගය දැනටමත් අවසන් කර ඇත. භාවිතාකරන්නන්ගේ පෞද්ගලික තොරතුරු ‍රැස්වීම අවම කිරීමේ පදනම මත අවසන් වන මේ ඔස්සේ location tracking දත්ත ‍රැස්වීම අවමවීම බලාපොරොත්තුවේ. තම අසල වන මිතුරන් හඳුනා ගන්නටත් ඔවුන් සමග දෑ හුවමාරු කරගන්නටත් භාවිතාවූ මෙම අංගය 2014දී හඳුන්වා දුන්නකි. FACEBOOK ආයතනය විසින් May 31, 2022 අවසන් කරන්නට කටයුතු කල තවත් අංගයක් වූවේ Weather alerts ය. එම ආයතනය මේ ඔස්සේද අවමකරන්නට කටයුතු කලේ location data ‍රැස්වීමය. Novi wallet ද July වලදී අවසන් කරන්නට නියමිත digital wallet එකකි. cryptocurrency app ලෙසට පැමිනි මෙම අංගය පසුව money transfer service එකක් ලෙසට නම් වූ අතර September 1 වන විට එය සම්පූර්නයෙන් වසා දමන සේවා වක් ලෙසට මේ වන විට නම්ව තිබේ.
Pubudu Siriwansa