Cybercrime බවද නිරන්තරයෙන් චලනය වෙමින් තිබෙන්නෙකි. Data theft බව නිරන්තරයෙන් ලොව සැමදෙසින්ම වාර්ථාවෙමින් තිබේ. පසුගිය මාසයේ බිලියන ගනනක් Whatsapp භාවිතා කරන්නන්ගේ දුරකථන අංක අළවිය සදහා නිකුත්වූ බවක් වාර්ථා විය. එසේම Medibank වලින් පැහැරගත් ඔවුන්ගේ පාරිභෝගික දත්ත අලවිය මෙන්ම Intel වලින් දත්ත පැහැරගැනීමක් වාර්ථා විය. NordVPN වාර්ථා කරන්නේ ලොවපුරා මිලියන පහකට ආසන්න තොරතුරු bot market ඔස්සේ අලවි වෙමින් ඇති බවය. එසේම ඒ අතර ආසන්නව ඉදියානුවන්ගේ තොරතුරු 600,000ක ආසන්නව වන බවට ඔවුන් යෝජනා කර සිටිනවා. එසේම මෙම data theft ඔස්සේ ලබා ගන්නා digital identity තොරතුරක් සාමාන්‍යයෙන් $5.95 කට අලවි වන බවට පෙන්වා දෙනවා. 2018 පමන සිට භාවිතයට පැමිනි මෙම Bot markets වලට තොරතුරු පැමිනෙන්න භාවිතාකරන්නන්ගේ උපාංග වල තැන්පත් වන bot malware වලින් වන අතර ඒවා කලින් කලට යාවත්කාලීන කර දෙන්නටද ඔවුන් කටයුතු කරන බවටයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa