ඔබගේ ස්මාර්ට් දුරකථනය සංකීර්න පහසුකම් රාශියක ගොනුවකි. නෙක ආකාරගත් පහසුකම් හා සහයයන් රශියක එකතුවකි. මේ නිසාම එය පිලිබඳව ප්‍රමානවත් අවධානයක් නිතරම තබා ගැනීම වැදගත් වනු ඇත. ඒ ඔස්සේ සමහර හානීන් ඔබ වෙතට එන්නේ නොදැනුවත්වම වන අතර සමහර අවස්ථාවලදී එය සිදුවන්නේ ඔබගේ එකගතාවයද සමග විය හැකිය. භෞතික උපාංගයත් එහි ධාවනය වන මෙහෙයුම් පද්ධතියත් හා ඒ මත අවශය පරිදි ධාවනය වන අමතර aps පිලිබඳවත් සැලකීමේදී හැකි හැම විටම නවීනතම දෘඩාංග මට්ටමක සිටීම මෙන්ම එය නිරන්තරයෙන් නවීනතම යාවත්කාලීනවූ මෙහෙයුම් පද්ධතියක තබා ගැනීම ආරක්ශිත මෙන්ම උපකරණයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සදහා වැදගත් වේ. උපකරණයේ ධාවනය වන apps පිලිබඳව අවධානය වැදගත් වන්නේ නෙක කාරනා සදහා එකිනෙකට වෙනස් apps රාශියක් ඔබගේ උපකරනයේ නිරන්තරයෙන් සංක්‍රීයව තිබෙන නිසාය. එසේම ඒවායේ උපරිම ක්‍රියාකාරීත්වය ලබා ගැනීම සදහා උපකරනයේ වන මයික්‍රෆෝනය, කැමරාව, ස්ථානය නිගමනය කිරීම වැනි නෙක පහසුකම් පරිහරනයට අවසරයද ලබා දෙන්නට සිදුවන නිසාය. හදාරන්නන් නිතරම මතක් කර දෙන කාරනයක් වන්නේ මෙම අවසරයන් ඔස්සේ ඔබට හානිකරන්නට උත්සාහ කරන Apps ද අඩුවක් නැති බවය. ඒ නිසාම App එකක් ස්ථාපනයට පෙර සැලකිලිමත් විමත්, ස්ථාපනයේදී ඔබගෙන් ඉල්ලා සිටින ඉහත ආකාරයේ අවසරයන් ගැන සැලකිලිමත්වීමත් මෙන්ම කලින් කලට Settings ඔස්සේ පිවිස ලබා දී ඇති අවසරයන් පිලිබඳව් අපසු විපරමයත් වැදගත් බව ඔවුන් නිතර මතක කර සිටී.
Pubudu Siriwansa