ඔබේ Digital අනන්‍යතා වටා වන ආරක්ෂක මුර ගල් තුනක් ප්‍රධාන වේ. සංකීර්ණ අවසර පදය මින් පැරණිතම හා බහුලතම භාවිතාව වේ, අමතක නොකල යුතුම කාරනාවක් වන්නේ ඔනෑම සංකීර්ණ අවසර පදයක් වෙතට පිවිසීම සදහා මේ වන විට බාදකය වන්නේ අවශ්‍ය කාලය පමනක්ය යන්න හදාරන්නන් නැවත නැවත තහවුරු කරමින් සිටීමය. එනම් ඉලක්කම්, සංකේථ හා ද්විආකාරයේ අකුරු වල ඉතා අහබු සංයෝජනයක් පවා යාංත්‍රික ආකාරයට අත්පත් කරගන්නට අවශ්‍ය මෘදුයාන්ත්‍රන බොහෝ තිබිමය. මේ නිසාම නිතරම ලැබෙන උපදෙසක් වන්නේ කලින් කලට ඔබගේ අවසර පද වෙනස් කිරීමත් එකම අවසර පදය නැවත නැවත භාවිත නොකිරීම මෙන්ම පොදු හා නිගමනය පහසු ජීවිතය වටා වන යෙදුම් භාවිත නොකිරීමත්ය.
දෙවන ආරක්ෂක මුරගල වන්නේ පෙර කී ලෙසට password එකට අමතරව එම ගිණුම හා සම්බන්ද කොට ඇති දුරකථන අංකයට හෝ email වෙතට ගෙනවා ගන්නා one-time password (OTP) එකක් භාවිතාවට සූදානම් කොට තැබීමය. ප්‍රයෝගිකව සිතන විට දෙවන වර තහවුරුව ලෙසට නම්කල හැකි මෙම භාවිතාව සමග අවසර පදය නිවැරදිව ඇතුළු කල පසුව පෙර එම ගිණුම හා එකගවූ දුරකථනයට හෝ ඊමේල ලිපිනයට එක වරක් පමනක් භාවිතාකල හැකි මෙම අවසර පදය ලැබෙන අතර බොහෝ විට සීමිත කාලයක් තුල එය ඇතුළු කරන්නට අවස්ථාව ලැබීම ඔස්සේ එම ගිනුමට විය හැකි අනවසර ඇතුලු වීම සීමා කල හැක. මීට අමතරව සමහර විට පලමු අවසර පදයෙන් පසුව දෙවන තහවුරුව ඔබගේ උපාංගයකට පෙර ස්ථාපනය කර එම ගිණුම හා පෙර ගිවිසගෙන ඇති දෙවන අවසර පද මෘදුකාංගයක්ද භාවිතා කරන්නට අවස්ථාව ලබා ගත හැක.
තෙවැනි ආරක්ෂක පියවර වන්නේ ඔබගේ යම් ගිණුමකට සිදුවන ඇතුළුවීමකදී ස්වක්‍රීයව notification එකක් ලැබෙන්නට කටයුතු කර තිබීමය. මෙහිදී වන්නේ පෙරකී ආකාරයටම ඔබගේ ගිණුම ඔස්සේ පෙර ගිවිස ගන්නා දුරකථන අංකයකට හෝ ඊමේල් ලිපිනයකට, එම ගිනුම වෙතට ඇතුලු වීමක් හෝ එම ගිනුම තුල යන් වෙනසක් සිදුවිනි නම් දැනුම් දීමක් ලැබීමය. මෙම පහසු කම ඔස්සේද ඔබට වහා ක්‍රියාකාරී වී අදාල ආයතනය හා සම්බන්ද වී ඔබගේ ආරක්ශාව සදහා කටයුතු කරන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa