මින් වසර 20කට පෙර සැලකීමේදී වෙබ් අවකාශය අද අප භුක්ති විඳිනා ස්වරූපයෙන් සම්පූර්නයෙන්ම වෙනස් විය. බ්‍රවුසරයටම සංයුත්තව එන HTML editor සමග ඉතාම සීමිත හැකියාවන් යුත්ත static ගතිගුන ප්‍රධාන වූ නිමැවුමක් සදහා එය සීමිතව පැවතුනි. අද තත්වය වෙනස්ය. desktop හා mobile devices ඔස්සේ බහුලව භාවිතාවන වෙබ් අවකාශය වඩාත් විසිතුරු කරවන්නට පද්ධතියේ GPU හැකියාව වඩාත් භාවිතාවන WebGL වැනි හැකියාවන් එහි පැමින ඇත. මෙවන් APIs සමග බ්‍රවුසරයට cameras, microphones, game pads වැනි උපාංග රාශියක් අද භාවිතයට හැකියාව ලැබී ඇත. එලබෙන යුගය වඩාත් විසිතුරුවන්නේ Virtual Reality නැතිනම් Augmented Reality වැනි හැකියාවන් සමග වනු ඇති බවායි දැන් වන විට බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ. දැනටමත් පැමිනෙමින් ඇති HoloLens හා Oculus Rift මේ බව වඩාත් ප්‍රකට කරමින් සිටින බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ. එලබෙන වසර විස්ස අවසාන වන විට භාවිතාකරන්නාට වඩාත් අන්තර්ක්‍රියා කරන්නට සහය දක්වන වඩාත් නම්‍ය භාවිතාවක් වෙබ් අවකාශය ගෙනෙන බවට හදාරන්නන් යෝජනා කරමින් සිටිනවා.