YouTube වෙතින් පසුගිය කාලයේ නව අත්හද බැලීම් රාශියක්ම සිදුවෙනු ලැබුවා. ඒ අතර offline වීඩියෝ නැරබීමේ හැකියාව, video autoplay, GIF sharing, 360-degree videos ආදී බොහොමයක් වූවා. හෙලිවන නවතම තොරතුරු පවසන්නේ multiple angle videos හැකියවක් පිලිබදව මේ වන විට අත්හදා බැලීමක්ද සිදුවෙමින් පවතින බවයි. මේ ඔස්සේ concert, media event, tutorial, sports වැනි ඔනෑම වීඩියෝවක් මෙසේ විවිධ ආකරයෙන් නරබන්නට හැකිවීම අපූර්ව ඇත්දැකීමක් ගෙනෙන බවට පවසන ඔවුන් මේ සදහා අත්හදා බැලීමක් ලෙසට පසුගියදා artist Madilyn Bailey ගේ Music Night event විවිධ කෝන වලින් කැමරා හතරක් ඔස්සේ filmed කිරීමක් සිදුවූ බවටයි තොරතුරු හෙලි වන්නේ. ඔවුන් පැහැදී කරන්නේ වීඩියෝවේ දකුනු පස වන thumbnails ඔස්සේ හෝ keyboard shortcuts ඔස්සේ මෙම විවිධ කෝන තොරා ගැනීම කලහැකි වනු ඇති බවයි. දැනට මෙම අංගය තොරා ගත් භාවිතාකරන්නන් පිරිසක් අතර සිදුවෙමින් පවතින බවටයි ආයතනය පවසන්නේ. ඒ සදහා උනන්දුවක් දක්වන ඔබටත් පහත පි‍ටුව ඔස්සේ ඉල්ලීමක් කල හැකි වනු ඇත.

https://www.youtube.com/user/MadilynBailey/ChooseYourView