මෙහෙයුම් පද්ධති අතර කලාපය තවදුරටත් භාවිතාකරන්නා දෙසින් මෙන්ම ඒවායේ නිර්මාපකයන් දෙසින්ද මහත් බාදාවක්ව තිබේ. දෛනික ජීවිතය වඩා වන උපාංග බහුල වන විට මෙන්ම ඒවායේ විවිධ වන මෙහෙයුම් පද්ධති වන විට තත්වය සංකීර්නවීම හැම අතින්ම අභියෝගයක්වීම දැකිය හැකිය. Microsoft සමාගමද තම මෙහෙයුම් පද්ධතිය හා Android අතර අවකාශය වඩාත් සුහද වන විසඳුම් තලයක් සදහා නව team එකක් යොදවන්නට කටයුතු කරන බවට වාර්ථාවෙමින් තිබෙනවා. ඔවුන් විසින් Surface Duo software, Phone Link (Your Phone), Microsoft Launcher වැනි ව්‍යාපෘති සදහා අවධානය යොමුකරනු ඇති බවට කියවෙනවා. දැනටමත් Windows 11 වල සිට Phone Link app ඔස්සේ texts, notifications, calls වැනි හැකියාවන් භාවිතයට සහය දෙන අතර screen mirroring පමනක් නොව Android apps ධාවනයට සහය වීමට ද කටයුතු කෙරෙමින් පවතිනවා. Microsoft ආයතනය තම ව්‍යායාමය පැහැදිලි කරන්නේ iPhones / Macs වැනි ආකාරයේ සුහද බවක් Windows / Android අතරට ගෙන ඒම බවයි.
Pubudu Siriwansa