Microsoft පවසන්නේ Windows 10 version 21H1 සදහා සහය දැක්වීම මේ මස Patch Tuesday යාවත්කාලීනයෙන් අවසන් බවයි. පසුගිය May 2021 Update වලින් ඇරබුනු මෙම සංස්කරනය සදහා ඉදිරියේදී cumulative updates / bugfixes / security patches නොපැමිනෙනු ඇති බවටයි නිවේදනය වන්නේ. Windows 10 21H1සදහා මාස 18ක් සහය දැක්වීම සිදුකෙරෙනු අතර ඊටසුව පැමිනි 21H2 සදහා සහය දැක්වීම June 13, 2023 වනු ඇති බවට ද නිවේදනය කර සිටිනවා. මීට අමතරව January 2023 වන විට Windows 7 හා Windows 8.1 සදහාද සහය අවසන් වීමට නියමිතය.
Pubudu Siriwansa