Microsoft වල මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ Technical Preview මට්ටමේ අප සිටින්නෙමු. මෙම සංස්කරන Stable මට්ටමේ නොවන අතර එම අවධානම සමග එම මෙහෙයුම් පද්ධතිය අත්විඳ බලන්නට කැමති වන්නෙකුට Windows Insider program යටතේ එම නිල වෙබ් අඩවියෙන් බාගතකර ගැනීමේ අවස්තාව එහි ප්‍රථම බිකුතුවේ සිටම ඉඩ සලසා තිබේ. මෙම නිකුතුන්න් පෙලට සහභාගී වෙන්නන් අතරද වට දෙකකින් මෙම නිකුතූන් පැමිනෙන අතර වඩාත් අලුත් අංගයන් සහිත නවිනතම සංස්කරනය අත්විඳින්නට කැමති වන්නන් හට වැඩි අවධානමක් සහිතව ඒවා ලබාගන්නටත් මද හෝ අත්හදා බැලීමකින් අනතුරුව පැමිනෙන සංස්කරන අත්හදා බැලීම සදහා දෙවන වටයට සම්බන්දව එම සංස්කරන ලබා ගන්නටත් හැකි වන ලෙසිනි. එම අත්හදා බලන්නන් සදහා නිකුත්ව ඇති සංස්කරන අතර මේ වන විට ඇති අවසන් සංස්කරනය build 9879 ලෙසට නම්වේ. මේ අතර මෙම විවෘත නිකුතූන් පෙලට අමතරව සමීපතම අත්හදා බලන්නන් සමග Microsoft ආයතනය බෙදා හදා ගන්නා සංස්කරන නිකුතූන්ද වන අතර මේ වන විට එම කාන්ඩයේ දැනට නිකුත්ව ඇති අවසන්සංස්කරනය වන build 9888 අන්තර්ජාලයට නිල නොවන ආකාරයට එක්වී ඇති බවට තොරතුරු පලවනවා. මෙමසංස්කරන සදහා කිසිදු සහයක් ලබාදීම එම ආයතනයෙන් නොවන අතර එහිවන නව අංගයන් ලෙසට new animations බවක් හා context menus මෙන්ම පොදු නව settings හැකියාවක් දක්නට ලැබෙන බවට තොරතුරු හෙලි වනවා.