CVE-2022-37969 යනු Microsoft ආයතනය තම Tuesday 13 September මාසික යාවත්කාලීන ගොනුව සමග පැමිනි එක් යාවහ්කාඅලීනයකි. එය Windows 8.1, 10,11 සංස්කරන වලට සේම Windows 7 වලටද අදාලව නිකුත්කරන ලද්දක් බව පැවසේ. zero-day vulnerability ගනයේ දුර්වලතාවයකට පිලිසකරයක් ලෙසට වන මෙම නිකුතුව January 2020 වන විට සම්පුර්නයෙන් ආයතනයේ සහය අවසන් කරන ලද සංස්කරනයක් වන 7 සදහා අදාල කිරීමෙන් පෙනීයන්නේ විශාල කාලයක සිට පැමිනි හඳුනා නොගත් දුර්වලතාවයක් පිලිබඳව ඉගියකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ පහර දෙන්නන් මෙම දුර්වලතාවය ඔස්සේ infected computers වලට ලබා ගන්නා remotely control හැකියාව ඔස්සේ බාදාකරන්නට කටයුතු කර ඇති බවක් පෙනෙන්නට ඇති බවයි. Microsoft සමාගම මේවර මාසික යාවත්කාලීන ගොනුව සමග පිලිසකරයන් 63ක් Edge, Office, Windows Defender ඇතුළු භාවිතාවන් කිහිපයක්ම ඉලක්ක කර ගනිමින් සිදුකර තිබෙනවා. එසේම Microsof සමාගම පවසන්නේ version 21H1 – Windows 10 සදහා සහය දැක්වීමද 13 December සිට අවසන් වන්නට නියමිත බවයි.
Pubudu Siriwansa