WhatsApp යනු ලොව ප්‍රමුකතම භාවිතාවකි. මෑතකදී instant video messages හඳුන්වා දුන් ඔවුන් මීලගට නිකුතුවට නියමිත අංගයක් වන්නේ Voice Chat ලෙසට හදාරන්නන් පෙන්වා දෙමින් සිටී. එම අංගය මේ වන විටත් WhatsApp beta මට්ටමින් භාවිතාවට මුදාහැර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් කියවෙන්නේ WhatsApp වල Voice Chat වලදී සහභාගී වන කන්ඩායමේ අයට පෞද්ගලිකව voice messages හුවමාරුව වෙනුවට මෙම අංගය සමග common voice chat එකක් නිර්මාණය කරගන්නට හැකිවනු ඇත. වැඩි දුරටත් කියවෙන්නේ මෙම voice chat ආරම්භය සනි‍ටුහන් කෙරෙන්නේ silent push notification එකකින් වන අතර 60 minutes වලදී සංවාදය සදහා සහභාගීවීම් නොලැබුන හොත් ස්වංක්‍රියවම අවසන් වන බවත් එය 32 participants ලා සදහා අවස්ථාව ඇති බවත් පැහැදිලි කෙරෙනවා. Meta හිමිත්වය ඇති WhatsApp සදහා මෑත කාලීනව contextual stickers, confidential chats, silencing unknown callers, වැනි අංගයන් රාශියක් හඳුන්වා දෙන්නට කටයුතු කරනු ලැබුවා.
Pubudu Siriwansa