Meta නිවේදනය කරන්නේ තම WhatsApp නම් instant messaging platform එකට නවාංගයක් ලෙසට “large groups” හැකියාවක් එක් කරන්නට තමන් කටයුතු කර ඇති බවයි. මෙම Communities හැකියාව පසුගිය අප්‍රේල් ව්ල සිට අත්හදා බලන්නට කටයුතු කල මෙම ආයතනය බලාපොරොත්තු පල කරන්නේ මෙම discussion groups හැකියව ඉතා පලදායී අංගයක් වනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන ආකාරයට Android වලදී chats වලට ඉහලින් වන tab එකක් ලෙසටත් iOS වලදී bottom වලින් එන tab එකක් ලෙසටත් මෙම හැකියාව අවදිකරගන්නට හැකි වන අතර ඊට අමතරව admins වෙතට අමතර හැකියාවන් ලෙසට සියලුම සාමාජිකයින් සදහා broadcast announcements හැකියාවත් ලබා දෙන්නට WhatsApp කටයුතු කර තිබෙනවා. මෙම Communities හැකියාවද end-to-end encrypted ලෙසට සියලුම WhatsApp භාවිතාකරන්නන් සදහා මුදා හරින්නට නියමිත බවටයි නිවේදනය වන්නේ. 32 person video calling හැකියාවත්, Groups සදහා 1,024 members හැකියාව ගැනත් මීට අමතරව එම ආයතනය පවසා සිටිනවා.
Pubudu Siriwnsa