Virtual reality ක්‍රමයෙන් භාවිත ලොව වෙතට පැමිනෙමින් ඇති අංගයකි. අනාගත දත්ත උපාංග භාවිතය හුඳු තිරයක් මතට සීමා නොවනු ඇති බවට වන අනාගත බලාපොරොත්තුව වෙතට එය ක්‍රමයෙන් සමීප වෙමින් ඇති බවට මනා උදාහරනයක් එය වෙමින් ඇත. Samsungවෙතින් එන Gear VR නැතිනම් Google Cardboard මෙන්ම Oculus Rift මේ සදහා ප්‍රායෝගික උදාහරනය. හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙවා සමග මෙතෙක් වූ short games නැතිනම් demonstrations වැනි සීමාවන් ඉක්මවා යමින් Sports වැනි විෂයන් වෙතට වඩාත් තාත්වික අත්දැකීම් ඒවා ගෙනෙමින් ඇති බවටයි දක්නට ලැබෙන්නේ. උදාහරනයක් ලෙසට football වැනි ක්‍රීඩාවකදී සිදුවීමක් ක්‍රීඩා කරන්නාගේ ඇසින් මෙන්ම විනිසුරුවන්ගේ ඇසින් දැකීම වැනි වරල මට්ටමේ සිට coach වරයෙකුට සැබෑ ක්‍රීඩාවක් මතට නව ක්‍රීඩකයෙකු යොදවා බැලීම වැනි වඩාත් නිර්මාණාත්මක අත්දැකීම් මතට යමේ හැකියාව ගෙනෙමින් පවතින බවටයි පැහැදිලි කෙරෙන්නේ. තවත් විටකදී pass the ball නැතිනම් penalty kicks වැනි අවස්ථාවලදී වඩාත් බව කෝන වෙතින් දකින්නට මෙන්ම නව ආකාර විමසා බලන්නට හැකි වනු ඇති බවට පෙන්වා දෙනවා. මෙහිදී වන සිත්ගන්නා සුලුම කාරනාව වන්නේ මේවා 95%ක්ම වඩාත් නිවැරදි ව නිර්මාණය කර බලන්නට හැකිවීමය. ක්‍රීඩකයන් වෙතට තම ක්‍රීඩා කෞශල්‍යයයන් වඩාත් නිර්මාණාත්මකව වර්ධනය කර ගන්නට මෙන්ම ක්‍රීඩා ලෝලයන් වෙතට වඩාත් තාත්වික කෝණ ඔස්සේ ක්‍රිඩාව රස විඳින්නට එය සහය වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. අනාගත දවස පිලිබදව බලාපොරොත්තු පලකරන හදාරන්නන් යෝජනා කරන්නේ සැබෑ තරගය වෙතට නිවසේ වන ක්‍රීඩා රසිකයා තමන්ගේ මනාපයන් යොදවා වර්චුවල් ආකාරයෙන් අත්විඳින දවස වැඩි ඈතක නොවන බව පෙන්වා දෙමින් සිටිනවා.