ඔබේ තොරතුරු අවකාශ භාවිතාවේදී ආරක්ශිත බව වැදගත්ම කාරනාවකි. මුල් යුගවලදී user name , password භාවිතාවකින් පමනක් සැහුන මෙම ආරක්ශක විධිවිධාන මේ වන විට සරලවම අතාර්කික කාරනාවක් වෙමින් තිබේ. එක් දෙසකින් භාවිතාකරන්නා ඉතා සරල 123456 ආකරයේ password භාවිතාව තවමත් සැලකිය යුතු මට්ටමක පැවතීම ගත හැක. තවත් විටක තමන්ගේ මොබයිල් අංකය වැනි පැහැදිලිව තවකෙකුට නිගමනය කල හැකි පදයක් භාවිත කිරීම දැක්විය හැක. එසේම එකම අවසර පදය ගිනුම් කිහිපයකට යෙදීම හේතු කොටගෙන එක් ගිනුමක් පහරදෙන්නන්හෑ නිරාවරනය වූ විට අනෙකුත් ගිනුම් වලටද අනතුරක් එල්ලවීම දැක්විය හැක.
Two-factor authentication යනු මෙම අනතුරු දායක බවින් ගැලවීම සදහා පෙර දක්වා ඇති සරල ආකාරයේ දුරවලතාවලින් ඔබ්බෙන් ඔබගේ ගිනුමේ අනන්‍යතාවය ‍රැකගෙන සිටිද්දීත් පැමිනිය හැකි අනතුරු සහිත බවට විසදුමක් ලෙසට හඳුන්වාදිය හැක.ද්විත්ව පියවර ආරක්ශන ක්‍රමයක් ලෙසට ක්‍රියාත්මක වන මෙම ක්‍රමය ඔස්සේ පලමුව ඔබ දන්නා ඔබගේ username හා password භාවිතාකිරීම සිදු කරන අතර අනතුරුව ඔබ එම ගිනුමේ සැකසුම් වලදී පෙර ගිවිසගෙන ඇති දුරකථනයක් වෙතට පැමිනෙන SMS පනිවිඩයක් ඔස්සේ ලැබෙන රහස් අංකයක් ඇතුලු කිරීම ඔස්සේ ගිනුමේ ආරක්ශාව වඩාත් තහවුරු කර ගන්නට අවසර ලැබේ. බොහෝ විට කිහියම් කාලසීමාවකට යටත්ව මෙම අංකය පැමිනෙන විට එය වඩාත් ආරක්ශිත වනු ඇත. තවත් විටක ඔබගේ මොබයිල් උපාංගයේ ස්ථපනය කර ඇති app ඔස්සේද මෙම රහස් අංකය නිර්මානය වන අතර අනවස්ථාවලදී පෙර කී සේවාවන්ට සම්බන්දව ඇති සර්වරයක් ඔස්සේ එය ඔබ වෙතට පැමිනෙනු ඇත.
Google , Yahoo . Facebook , Microsoft වැනි ප්‍රධාන පෙලේ සියලුම සේවා සපයන ආයතනයන් තම භාවිතාකරන්නන් සදහා මෙම සේවාව ලබ දෙන අතර එම ගිනුමට ඇතිලුව එහි setting ඔස්සේ සොයා බැලීමෙන් මෙම පහසුව අවදිකරවා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. සංකීර්න ක්‍රවේද ඔස්සේ මෙම ආරක්ශක පියවර ඉක්මවා යාමේ හැකියාව පහර දෙන්නෙකුට ලැබුනද සාමාන්‍ය මට්ටමේදී තව්මත් මෙම ක්‍රමවේදය වඩාත් සුරක්ශිත බවටයි පිලි ගැනෙන්නේ. මෙම ක්‍රමවේදය පැහැදිලි කරන හදාරන්නන් පැහැදිලි කරන්නේ (1) ඔබ දන්නා දෙයක් එනම් password ආරක්ශාවට අමතරව (2) අදාල දුරකථනය ඔබ සමග විය යුතුවීම මෙන්ම (3) අදාල ස්ථානයට එම අවසර පදය ඇතුලු කිරීමේ හැකියාව එනම් සාමන්‍ය අවසර පදය ඇතුලු කොට මෙම දෙවන ආරක්ශක රහස් පදය ඇතුලු කිරීමේ ස්ථානයට පැමිනීමේ හැකියාව ආදියෙන් මෙම ක්‍රමවේදය ඔබගේ ආරක්ශාව තහවුරු කරන්නට මැදිහත් වන බවටයි හදාරන්නන් පැහැදිලි කර දෙන්නේ.