මීලග පරම්පරාවේ Wi-Fi Router එකක් කෙබඳු පහසුකම් ‍රැගෙන එන්නක් විය යුතුද කියා විමසීමේදී වඩාත් වෙගවත් හා වැඩි ප්‍රදේශයක් ආවරනය වන හා වැඩි ආරක්ශිත බවක් ‍රැගෙන එන්නක් වියයුතු බවට යෝජනා වනු ඇත. Amped Wireless පවසන්නේ තමන් ඔවුනගේ මීලග TAP-R2 Wi-Fi Routerය සදහා මීට අමතරව touch display එකක්ද සංයුත්තව එවන්නට කටයුතු කරමින් සිටින බවකි. තවමත් වෙළඳ නිකුතුවක් සිදුව නැති මෙම උපාංගය සමග තුන් ගුනයක Wi-Fi coverage එකක් සමග අභ්‍යන්තරව හා බාහිරව පවතින high gain antennas දෙකක් සමග 800mWක Wi-Fi output බලයක්ද සමන් විතව පැමිනෙනු ඇති බවටයි දැක්වෙන්නේ. touchscreen සමග වන පහසු සැකසුම් හැකියාව භාවිතාකරන්න වෙතට වඩාත් මිත්‍රබවක් ගෙනෙනු ඇති බවටයි ඔවුනගේ බලාපොරොත්තුව වන්නේ. ඔබේ නිවස වෙතට අඩුම dead spots සමග පහසු සැකසුම් හැකියාවැති මෙම Wi-Fi Router ය දැනට පෙර ඇනවුම් සදහා $160 මිලැතිව අවස්ථාව වන අතර 2015 පෙබරවාරි මුල් භාගයේ මෙහි නිකුතුව දැනට නියමිත ඇති බවටත් නිවේදනය වේ.