සයිබර් තොරතුරු නිරාවරනය නොකිරීම වැදගත්ය. ඔබගේ පරිගණක වර්ගය වැනි තොරතුරු පවා අනවශ්‍ය ලෙසට තවකෙලු අතට පත් නොකරන්නට කලපනාකාරී විය යුතු බව ඔවුන් පවසයි. ඔබ දැනටමත් සබඳතා ඇති ආයතන එනම් බැංකුව, දුරකථන සේවා ආයතනය වැනි තැන් වලින් ඔබගේ තොරතුරු විමසන්නේ නම් ඒ සදහා නියමිත ආකාරයක් ගැන ඔබ දැනටමත් දැනුවත් කර තිබීම සාමාන්‍ය පිලිවලයි. යම් තැනකදී සැකයක් වන්නේ නම් වහාම තොරතුරු ලබා දිමෙන් වැලකී ඔවුන් වෙතට නිල ලෙසට වන ආකාර භාවිතාකරමින් විමසා සිටීම වැහගත්ම පියවරකි. ඔවුනගේ ප්‍රසිද්ධ කොට ඇති දුරකථන අංකය නැතිනම් ඊමේල් ලිපිනය මේ සදහා වන හොඳම ආකාරය වනු ඇත. අනෙක් අතින් එම විමසීම් හේතු සහිතද යන්න අවධානයෙන් සිටීම ඔබගේ වගකීමක් වේ.අතිශය සමාන ඊමේල් ලිපින නැතිනම් වෙබ් අඩවි ලිපින වල සමහර විට වෙන වන්නේ එක් අක්ෂරයක් පමනක් විය හැක. නමුත් ඒ වෙනස ඔස්සේ ඔබ වෙත එන්නේ හානියකි. තවත් විටක දැනටමත් ඔබ සම්බඳයෙන් අපරාධකරුවන් අතට පත්ව ඇති එක් තොරතුරක් පදනම් කරගෙන ඔබ සමග සම්බන්ඳ වන්නට ඔවුන් උත්සාහ කරනු ඇත. අද වන විට සයිබර් අපරාධ සදහා තාක්ෂණික නොවන මිනිස් දුර්වලතා ඔස්සේ උත්සාහ කිරීම බහුල බව හදාරන්නන්ගේ මතයයි.
Pubudu Siriwansa