Search engines යනු විශාල ඉපයීමක් ගෙනෙන ක්‍රියාකාර කමකි. ලොවපුරා භාවිතාකරන්නන් බ්‍රවුසරයක් හරහා සෙවුම් යන්ත්‍රයකින් සෙවුමක් කරන විට එම සෙවුම් යන්ත්‍රය එම සෙවුමට අදාල වෙබ් අඩවි පිලිබඳව තොරතුරු ගෙනෙනවාට අමතරව අදාල වෙළඳ දැන්විම්ද ගෙනෙන්නට කටයුතු කරයි. එපමනක්ම නොවේ. නෙක භාවිතාකරන්නන්ගේ සෙවුම් රටා හා දෑ ගබඩා කරගනිමින් වඩාත් ඉලක්ක වන වෙළඳ දැන්වීම් ඔවුන් වෙතට ගෙනෙන්නට කටයුතු කරයි. අදාල වෙළඳ දැන්වීම් හිමියාගෙන් අයකරන්නේ කුඩා මුදලක් වුවද දෛනිකව අපමන වෙවුම් ප්‍රථිපළය සමග මුසුනරන දැන්වීම් ප්‍රමානය වෙන්ම අනෙකුත් තරගකාරී ආකාරවලට වඩා ඉලක්ක ගතව වෙළඳ දැන්වීම් යොමුකිරිමේ හැකියාව මෙය මහත් පලදායී ආකාරයක් බව පිලිගැනීමයි.
හදාරන්නන් පවසන්නේ Search engines විසින් එම තොරතුරු ‍රැස් කිරීම සදහා cookies, IP address tracking, device / browser fingerprinting, ඇතුළු ක්‍රම භාවිතාකරන බවයි. පෙර කී තොරතුරු profile ලෙසට ගොනු කරගනිමින් targeting advertisements ක්‍රමවේදය පහසු කරගන්නට ඔවුන් කටයුතු කරයි. අනෙකු මාධ්‍ය හා සැසදීමේදී වයස් කාන්ඩ, ස්ත්‍රී පුරුෂ බව ප්‍රමුකව scheduling, geotargeting, device targeting වැනි බොහෝ ආකරවලට තම වෙළඳ දැන්වීම් ඉලක්ක කරන්නට අවස්ථාව දෙන්නට මොවුනට හැකිවේ.
Pubudu Siriwansa