Google වෙතින් පැමිනි Project Ara බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නට සමත්වූවකි. භාවිතාකරන්නාගේ අවශ්‍යතාවය අනූව තම මොබයිල් දුරකථනයේ අඩංගු අංගයන් වෙන වෙන්ම තොරා ගන්නට ඉඩ ලැබීම මෙහි වන ප්‍රධාන ආකර්ශයය ලෙසින් පිලිගැනේ. එලබෙමින් ඇති “mobile-first” සමාජයේ අවශ්‍යතාවයන්ට වඩාත් අපූරුවට ගැලපෙන මෙම පැමිනීම සම්බන්ද දෙවන සංවර්ධකයින්ගේ හමුව ගෙවී ගිය දිනයේ පවත්වන ලැබූ අතර එහිදී තම ව්‍යාපෘතියේ දෙවන අදියර ‘Spiral 2’ ලෙසින් පිවිසෙන බවට Google නිවේදනය කරනු ලැබුවා. නව අදියර සමග පැමිනෙන සුවිශේෂී තාවයන් අතර පලමු යුගයේදී භාවිතාවූ සබඳතා හැකියාව Wi-Fi වල සිට 3G දක්වා වෙනස්වීම කැපි පෙනෙන හැකියාවක් ලෙසට නිවේදනය වූවා. එසේම මෙහිදී නව speaker module, pollution sensor module, extended battery module වැනි අංග කිහිපයක්ද අලුතින් ගෙනෙනට Google ආයතනය ක්‍රියා කරනු ලැබුවා. module වලට වඩාත් ස්වාධීනව හැසිරෙන්නට අවස්ථාව ග්ව්න්ව්න බවක් මෙම ඉදිරිපියවර සමග පැහැදිලි වන අතර නුදුරේම 4G LTE මට්ටමට මෙම හැකියාවන් ඔසවා තබන්නට තබන්නට හැකිවනු ඇති බවට බලපොරොත්තු පලවෙමින් තිබෙනවා.