Microsoft සමාගම පසුගිය කාලය සැලකීමේදී තම Office  මෘදුකාංග ගොනුව වෙතට වෙනස්කම් රාශියක් ගෙනෙන්නට  කටයුතු කර ඇත.  ඒවා අතර  Word, Excel වලදී handwriting පහසුවෙන් equation බවට පත්කර ගැනීමෙ හැකියාව, පූර්න ලෙසට touch පහසුව පැමිනීම ඇතුලු බොහොමයක් වේ. Microsoft ආයතනය නිවේදනය කරන්නේ තමන් තම Office ගොනුව වෙතට අලුතින් PowerPoint Designer හා Morph ලෙසට වන multi-media presentations වඩාත් වර්ණවත් අපූර්ව කරවන අංගයන් එක් කිරීමට සූදානම් බවය. මෙහිදී ක්ලවුඩ් මූලික ආකාරයට ක්‍රියාත්මක වන පහසුකම් සමග slides හා presentations වඩාත් සිතගන්නා සුලු ආකාරයට ස්වංක්‍රීයව සකසා ගන්නට හැකි වනවා පමනක් නොව graph හෝ chart වල වන data වඩාත් සංප්‍රානික ආකාරයට දැක්වීමටද හැකි වනු ඇති බවටයි පැහැදිලි කරන්නේ. ආයතනය වැඩි දුරටත් පවසන්නේ දැනට මෙම හැකියාව premium පහසුවක් ලෙසට Office 365 subscribers සදහා ලබා ගන්නට හැකි වන අතර ඉදිරි සති කිහිපයේදී Office 2016 භාවිතාකරන්නන් වෙතටද පැමිනෙනු ඇති බවය.