OnePlus One යනු 2014 වසරේදී මහත් අවධානයක් දිනා ගත් නිකුතුවක් වූවාය. සාම්ප්‍රධායික වෙලඳ නාමයන් ඉක්මවමින් වේගයෙන් ඉදිරියට පැමිනි මෙම දුරකතනය මිලියන ගනනාවක ලොවපුරා අලවියක් ලබා ගන්නට සමත්විය. තරමක වෙනස් ආකාරයක් ගත් එම අලව් ක්‍රමවේදය තුලදී භාවිතාකරන්නාගෙන් භාවිතාකරන්නාහට වන ආරාධනා ක්‍රමවේදයක් ඔස්සේ සිදු විය. මින් අනතුරුව ඔවුන් නිවේදනය කර සිටියේ OnePlus 2 නිකුතුවකට තමන් සූදානම් බවකි.  එම නිකුතුව පිලිබද නිල නිවේදනයෙන් දෙසතියක් ගත වෙද්දී පැමිනෙන නවතම වාර්ථා පවසන්නේ ඒ සදහා ලොවපුරා භාවිතයට බලාපොරොත්තු වෙන්නන් මිලියන දෙකකට අදික වෙන්කර ගැනීම් දැනටමත් සිදුව ඇති බවකි. ඔවුනගේ “new and improved” invite system එකක් ඔස්සේ සිදුවන මෙම ප්‍රචාරනය අතරතුර එම ආයතනය නිවේදනය කරන්නේ තමන් මෙම වසරතුල  තම උපාංග මිලියන තුනත් පහත් අතර ප්‍රමානයක් අලවියට බලාපොරොත්තුවන බවකි. එසේම මේ වන විට ඔවුන් වඩාත් වෙනස් ආකාරයේ භාවිතාකරන්නන් ඉලක්ක කර ගනිමින් තවත් උපංගයක් නිර්මානය සදහා කටයුතු කරමින් සිටින බවට නිවේදනය කර තිබෙනවා.
OnePlus 2 වැඩි දියුනු කිරීම් කිහිපයක්ම සහිතව සූදානම් වෙමින් ඇති අතර පැමිනෙන පහසුකම් සමග සැලකීමේදී වඩාත් සධාරන මිලකට උපරිම පහසුකම් සහිත දුරකථනයක් ලබා ගැනීමේ හැකියාව භාවිතාකරන්නන් වෙතට ගෙනෙන බවටයි පිලි ගැන්නෙන්නේ. නව නිකුතුව (OnePlus 2) එලබෙන අගෝස්තු 11 සිට ක්‍රමයෙන් සිදුවීමට නියමිත බවටයි දැනට බලාපොරොත්තුව වන්නේ.