Multi-factor authentication නැතිනම් බහු විධ තහවුරුව අත්‍යාවශ්‍ය ‍රැකවරනයක් වෙමින් තිබේ. බොහෝ භාවිතාකරන්නන් විස්වාසය තබන සංකීර්න Password එක තව දුරටත් ඉහල සිවාසනීය ‍රැකවරනයක් ගෙනෙන්නක් නොවේ. සරලව තත්වය පහදන්නේ නම් සංකීර්ණතම අවසර පදයක් යනු නිගමනයට වඩාත් කල් ගත වන්නක් මිස ඊට ඉහල නිශ්චිතයක් නොවේ යන්නය. මේ තත්වය වෙතට වන හොඳම පිලිතුරක් වන්නේ දෙවන ආරක්ශක layer එකක සහය ගැනීමය. උදාහරනයක් ලෙසට ඔබගේ debit card පත පමනක් ඔබට ඔබගේ ගිනුම වෙතට පිවිසෙන්නට අවසර නොදෙන අතර four-digit personal identification number එකක් ඔස්සේ නැවත තහවුරුවක් අවශ්‍යවීම ගත හැක. සාමාන්‍යයෙන් MFA පැහැදිලි කෙරෙන්නේ something you are, something you know, නැතිනම් something you have ලෙසටය.
ප්‍රධාන භාවිතාවන් වන ස්මාර්ට් දුරකථන සමග biometric ආකාරය භාවිතාවේ. ඒවා අතර fingerprint readers ආකාරය මෙන්ම Facial recognition ආකාරය ඔස්සේ භාවිතාකරන්නාගේ ජීවවිද්‍යාත්මක තහවුරුව ලබා ගැනීම සාමාන්‍ය ආකාරයන් වී ඇත. එය Something you are ලෙසට හදුනා ගන්නා විට මතකතබා ගන්නා අවසර පදවල සිට security questions දක්වා ආකාරවලට Something you know ලෙසට ඔබව තහවුරු කරගන්නට ඔවුන් පෙලබේ. මීටත් අමතරව USB key වැනි සංකීර්න අවස්ථාවල සිට OTP ලබා ගැනීම දක්වා ක්‍රම ඔස්සේ තවත් ආකාරයක තහවුරුවක් සදහා අදාල උපකරනයක් තිබීමද අද වන විට බහුල ඉල්ලා සිටීමකි. මෙම One-time passwords ආකාරයේදීද වඩාත් ආරක්ශිත වන්නටනම් Authenticator apps එකක් වඩාත් හොඳ වන බවට කියා සිටින්නේ SMS / email ආකාර වල දක්නට ලැබෙන නෙක දුර්වලතා පහර දෙන්නෙකුගේ අවස්තාවක් වන්නට ඉඩ ඇති බැවිනි. විශේෂයෙන් e-commerce යුගයේදී පැහැර ගන්නා ඔබේ අනන්‍යතාවය ඔබව අපකීර්තිමක් තකර දමන්නට භාවිතාවූවාට වඩා සංකීර්න ප්‍රථිපල ගෙනෙන බව අමතක නොකල යුතුය.
Pubudu Siriwansa