Microsoft ආයතනය බහුල සයිබර් ප්‍රහාරයන් සම්බන්දයෙන් සරල උපදෙස් කිහියක් දෙමින් සිටිනවා. ඔවුන්ගේ පලමු උපදෙසක් වන්නේ ඔබට ලැබෙන පනිවිඬ වල සංයුත්ත විය හැකි “urgent action” නම් පෙලබවීම ගැනයි. මෙම පහර දෙන්නන් ඔබට වැඩි දුර සිතන්නට කල නොතබාම ඔවුනට අවශ්‍ය ක්‍රියාව සදහා මෙම “කලබල” කිරීම නැතිනම්”බිය” කිරීම භාවිතාකිරීම සිදුවන බැවින් ඒ ගැන සැලකිලිමත් වන ලෙසට පවසනවා. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම suspicious links වෙතට ඔබගේ click එකක් ලබා ගැනීම උත්සාහය විය හැකි බවයි.
phishing emails ගැන පවසන ඔවුන් මෙම බහුල උපංක්‍රමය ඔස්සේ ඔබගේ පරිගණකය වෙතට download එකක් ලබා ගෙන ඒ ඔස්සේ Malware එකක් ස්ථාපනයට අවස්ථාව ලබ ගැනීම සිදුවිය හැකි බව පෙන්වා දෙනවා. Fake attachments පිලිබඳව අවධානයෙන් සිටීම වැදගත් වන්නේ ඒ නිසා වනවා. මෙම “virus” විවිධ අරමුනු සදහා විය හැකි අතර විටක ඒවා ඔස්සේ ඔබගේ අනන්‍යතාවය සොරා ගැනීම, වෙනත් දුරස්ථ පරිගණකයක් වෙත ප්‍රහාරයක් සදහා ඔබගේ පරිගණකය යොදා ගැනීම, mine cryptocurrency වැනි කාරනා සදහා ඔබගේ පරිගනකයේ resources භාවිතාකරන්නට කටයුතු කිරීම ගැනත් පැහැදිලි කෙරෙනවා.
Tech support scams පිලිබඳව අවධානය යොමු කරන ඔවුන් පැහැදිලි කරන්නේ ඔබගේ පරිගණකයේ යම් ගැටළුවක් වන බවත් ඒ සදහා සහය ලබා ගන්නට යම් දුරකතන අංකයකට ඇමතුමක් ගන්නා ලෙසට පොලබව ගැනීමයි. මෙසේ ඔබගේ පරිගණකය “fix” කිරීම සදහා අවස්ථාව ලබා ගැනීම ඔවුන්ගේ අරමුන වන හෙයින් පරිගණකයට පැමිනිය හැකි fake error messages මෙන්ම දුරකථනයට පැමිනිය ඝැකි ඇමතුම් වලදී කල්පනාකාරී වීම වැදගත් බව පැහැදිලි කෙරෙනවා. මෙම scary pop-ups වැනි අවස්ථාවලදී පරිගණකය restart නැතිනම් browser එක Close කිරීම වැනි උපදෙස් දෙන ඔවුන් මෙහෙයුම් පද්ධතිය ඇතුලු සියලුමෘදුකාංග සෑම විටම යාවත්කාලීනව තබා ගැනීමත් සැක සහිත සබඳතා අවදි නොකර සිටීම ඉතා වැදගත් බවට උපදෙස් දෙනවා.
Pubudu Siriwansa