Microsoft සමාගම තම “3D Touch” තාක්ශනය සදහා වන පේටන්ට් බලපත්‍රය සදහා නව ඉල්ලීමක් ඉදිරිපත්කර ඇති බවට තොරතුරු හෙලි වනවා. එම සමාගම වසර කිහිපයකට පෙර සිටම මෙම “3D Touch” තාක්ශනය දියුනු කිරීම සදහා වන ව්‍යාපෘති කිහිපයකටම අවධානය යොමුකර ඇති බවට විටින් විට තොරතුරු හෙලිවූ අතර McLaren ලෙසට වන උපාංගයක් දියුනු කිරීමක් පිලිබදවද පසුගිය කාලයේ තොරතුරු හෙලි වෙනු ලබුවා. සරලව මෙම තාක්ශනය පැහැදිලි කෙරෙන්නේ තිරයට ඉහලින් වන ඇගිලි තුඩුවල චලනය හඳුනා ගැනීමේ හැකියාව වන අතර භාවිතාකරන්නාගේ hovering හඳුනා ගැනීම ඔස්සේ වඩාත් පහසු හා වැඩි වපසරියක මෙහෙයවිම් දත්ත උපාංගය වෙතට ලබා දෙන්නට හැකි වනු ඇත. ඇගිල්ල පැමිනෙන කෝනය අනූව මෙන්ම බහු ඇගිලි හැසිරවීම් හැකියාවටද මෙම තාක්ශනය තුල අවකාශ තිබෙනවා. Windows 10 සමග මෙම හැකියාව පැමිනීමේ ඉඩක් බලාපොරොත්තුවන මුත් ඉදිරියෙට යෙදෙන Lumia උපාංගයක නිකුතුවකට සංයුත්තව මෙම පැමිනීම බලපොරොත්තුවනවා.