ඔබගේ පරිගණකය ඔබගේ ජීවිතය කාර්යක්ෂම කරන උපකරනයක්ව තිබේ. වේගවත් හා බහුකාර්ය සහයකයෙකු වන එය තම කරුණු කාරනා ඉ‍ටුකරන්නට අප සිතනවාට වඩා විශාල අතුරු කාර්ය ප්‍රමානයක් පවත්වා ගෙන යායුතුව තිබේ. අවසාන ප්‍රථිපල අතර එකක් වන්නේ පරිගණකය තුලද විශාල අමතර ගොනු ප්‍රමානයක් ඉතිරිවීමය. මෙහෙයුම් පද්ධති සමගම මේ සදහා කිසියම් ටූලයන් එවන්නට එම ආයතනයන් කටයුතු කරන අතර වෙනත් ආයතන විසින්ද මෙ අසදහා විසඳුම් මෘදු ටූලයන් නිකුත් කරනු ලැබේ. බොහෝ විට මෙම අමතර ටූලයන් භාවිතයේදී සැලකිලිමත් වීම වැදගත් වන්නේ මේවායේ බහුල භාවිතාවත් එය උපකරනයක් තුල ක්‍රියාත්මක වීමේදී වැඩි අවසරයක් මත ක්‍රියාත්මක වන නිසාය.
Microsoft ආයතනය මේ සදහා මෑතකදී නිකුත් කල මෘදුකාංගයක් වන්නේ PC Manager නම් මෘදුකාංගයයි. මෙය පරිගණකයේ තැන්පත් වන අමතර ගොනු ඉවත්කර දෙන්නට මෙන්ම එය ආරක්ශිත වේගවත් එකක් ලෙසට තබා දෙන්නට කටයුතු කරන අතර එහි ‘public beta’ සංස්කරනයක් Chinese Microsoft website ඔස්සේ ලබා ගැනීමේ හැකියාව ලැබී ඇත. එහි වන අංග අතර ‘Boost your PC’s performance’ මෙන්ම ‘Health check’ හා ‘Storage management’ තුල වන ‘Deep cleanup’ හා ‘Manage large files’ පලදායී සහයක් ගෙනෙන බවට පෙනෙන්නට තිබේ. එසේමුත් ‘Reset default browser to Edge’ සමහර විට ඔබ මග හරින්නට කැමති අංගයක් විය හැකි මුත් ‘Process management’ tool එක නම් memory background processes ආදිය පහසුවෙන් End කර දන්නට සහය වනු ඇත. තවමත් පෙර සංස්කරණයක් බවද අමතක නොකල යුතුය.
Pubudu Siriwansa