Microsoft සමාගම තම ආරක්ෂක මෘදුකාංගය වන Window Defender වල පසුගිය කාලයේ එක් කල වෙනසක් ඔස්සේ පහර දෙන්නන් malicious payloads එකක් ඉලක්කවන පරිගණක වල ස්ථානගත කරන්නට කටයුතු කරමින් සිටින බව වාර්ථා වනවා. එම ආයතනය විසින් කල එම වෙනස් කම ඔස්සේ සමහර directories සදහා Defender scans වලදී bypass කරන්නට අවස්ථාව සලසන ලද අතර එය ප්‍රයෝජනයට ගත් Kraken නම් botnet එක තම හානිකරයන් මෙහෙයුම් පද්ධතිය මත ස්ථාන ගත කරන්නට මේ අනූව කටයුතු කරමින් සිටිනවා. මෙම හානිකරය stealer malware එකක් ලෙසට නම් වන අතර එය cryptocurrency wallets වල තොරතුරු සොරා ගන්නට කටයුතු කල හැකි බවට පැහැදිලි කෙරෙනවා. මෑත කාලයේ අවධානයට ලක්වූ හානිකර භාවිතාවන් වූ Microsoft Windows 11 lookalike website එක මෙන්ම fake KMSPico Windows activator malware එක හා සමාන හැසිරීමක් මෙම හානිකරය ඔස්සේ සිදුවන බවට පැහැදිලි කෙරෙනවා.
Pubudu Siriwansa