Apple ආයතනය තම iPhone 14 දුරකථන නිකුතූන් පෙල September 2022 නිවේදනය කරමින් පවසා සිටි තවත් ආකර්ශනීය විය හැකි අංගයක් වූවේ satellite හරහා සිදුවන Emergency SOS හැකියාවයි. ඔවුන් පැහැදිලි කර සිටියේ iPhone 14, iPhone 14 Plus, iPhone 14 Pro, iPhone 14 Pro Max භාවිතාකරන්නන් හට හදිස්සි ආස්ථාවක් ගැන cellular / Wi-Fi ආකාරවලින් ඔබ්බේ සිට SOS message යවන්නට හැකි වනු ඇත. Apple ආයතනය පවසන්නේ මෙම අංගය States / Canada භාවිතාකරන්නන් හට මෙම මස අවසානයේ සිට මුදා හරින්නට කටයුතු සූදනම් බවයි. වැඩි දුරටත් පැහැදිලි කරන ඔවුන් පවසන්නේ emergency SOS එකක් ගනනින් 24 ක් වන low-earth orbit satellites වලින් එකක් වෙතට ලැබෙන අතර එය ground stations වෙතට යොමුවෙන බවයි. මෙම හැකියාව දෑවසරක් සදහා iPhone 14 භාවිතාකරන්නන් හට නොමිළේ ලැබෙන්නට නියමිත බවටද පවසන ඔවුන් තවත් අංගයක් වන iPhone 14-exclusive safety feature පූර්නව නොමිළේ භාවිතාවට එන්නට නියමිත බවයි.
Pubudu Siriwansa