ලොව ප්‍රධානතම Mobile මෙහෙයුම් පද්ධතිය වන Android වලට වඩාත් නම්‍යතා ගෙනෙන්නට Gppgle සමාගම India සදහා එකග වේ. මේ අනූව Android වල licensing rules සදහා ගෙනෙන මෙම වෙනස්කම් ඔස්සේ භාවිතාකරන්නන් මෙන්ම OEMලාටද වැඩි නිදහසක් ගෙනෙන බවට බලාපොරොත්තු පලවෙමින් තිබේ. මෙම වෙනස් කම් අතර OEM මට්ටමින් pre-installation ලෙසට තම apps ගෙනෙන්නට වැඩි හැකියාවක්, භාවිතාකරන්නන් හට default search engine තොරාගැනීමේ හැකියාවක්, විකල්ප billing system එකක් ඔස්සේ apps සමග කටයුතු කරන්න අවස්ථාව, මෙන්ම සංවර්ධකයන්ගේ වෙබ් අඩවි ඔස්සේ apps මෙන්ම යාවත්කාලීනයන් ලබා ගැනීමේ අවස්ථාව වැනි වෙනස්කම්, වැඩි නම්‍යතා ගෙනෙන්නට කටයුතු කරමින් සිටිනවා. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ භාවිතාකරන්නන් විසින් අනතුරු බවේ වගකීමට යටත්ව (security risks) third-party app stores වලින් updates automatically හැකියාව මෙන්ම නව උපාංගයේ initial setup වලදී default search engine තොරා ගැනීමේ හැකියාව කැපී පෙනෙමින් තිබෙනවා. EU වලද මෙවැනි ප්‍රවනතාවයක් සිදුවෙමින් ඇති අතර ලොවපුරා මෙම නව ප්‍රවනතාවලට අවධානය යොමුවෙමින් තිබෙන බවටයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa