අඩු මිලැති පරිගණක භාවිතාවකට වූ ඉල්ලුමද නිරන්තරයෙන් පවතින්නකි. Netbooks පැමිනීම බොහෝ දෙනාගේ අවධානයක් ලබා ගත්තේ ඒ නිසාවෙන් විය යුතුය. කෙසේමුත් අඩු බලැති ප්‍රොසෙසර් හැකියාව , බැටරි බලය මෙන්ම තොරතුරු ගබඩා හැකියාව වැනි හේතූන් සමග ඒ සදහා වූ අවධානය වේගයන් අඩුවීම සිදුවිය. HP වෙතින් නැවතත් වෙළඳ පොලට Stream 11 නිකුත්වන්නේ අඩු මිලැති පරිගණක භාවිතා ඉල්ලුමට නව විසදුමක් ‍රැගෙනය. ඩොලර් 200ක මිළක් සමග entry-level අවශ්‍යතාවය ඉලක්ක කර ගනිමින් මෙම නිකුතුව පැමිනෙන්නේ Intel Celeron processor ( 2.16Ghz), 2GB RAM හා 32GB තොරතුරු ගබඩා හැකියාවක් සමග USB ports (1 x 3.0 and 1 x 2.0), full size HDMI port, full size SD card reader, headphone/mic jack වැනි අනෙකුත් පහසුකම් සැලකීමේදී මෙම නිකුතුව සැලකිය යුතු මට්ටමක නිකුතුවක් ලෙසට පිලිගන්නට හැකිවන බවටයි විචාරනය වෙමින් ඇත්තේ.bright blue වර්ණැතිව plastic ආවරනයකින් පැමිනෙන මෙම නිකුතුව සතු 1366×768 displayය එහි මිල සමග සැලකීමේදී සාධරන බවටයි හැගීම වන්නේ. Windows 8 සහය මට්ටමින් වන මෙහි low resolution සමග සමහර විටක එලිමහන් භාවිතාවේදී අපහසු බවක් ගෙනෙන බවද අමතක නොකල යුතුය.
Windows 8.1( fully-featured OS) හැකියාව සහිත අතර තාක්ෂනිකව ඔනෑම Windows හිතැති application මිත්‍රව පැමිනෙන මෙම නිකුතුව ප්‍රායෝගිකව PhotoShop වැනි බ‍රැති මෘදුකාංග භාවිතාවකදී ගැටලු සහිත විය හැකි අතර නොමිළේ එන Office 365 හා 1 TB OneDrive පහසුව වසරක කාලයක් සදහා වේ. මෘදුකාංග කිහිපයක් එක වර ධාවනය කිරීමේදී ඇතිවන අපහසුතවය මෙම මට්ටමේ උපාංගයකින් බලාපොරොත්තු විය යුතු අතර 5.5 hours බැටරි ආයුකාලය ද ඒසාම නොසලකා හරින්නට සිදුවනු ඇත. browsing the web, YouTube, social media වැනි සරල මට්ටමේ භාවිතාවන් සදහා වඩාත් හිතැති මෙම නිකුතුව වෙළඳ පොල වෙතට ඇති ආරම්භක මට්ටමේ පරිගණක භාවිතාවට වන ඉල්ලුම සදහා හොඳ විසඳුමක් වනු ඇති බවටයි බලාපොරොත්තු විය හැක්කේ.