වර්ථමානයේ HDMI වෙතට වන්නේ මහත් බහුල භාවිතාවකි. TVs සිට consoles, cable හා satellite boxes, A/V receivers ඇතුලු බොහෝ භාවිතාවන් සදහා මෙම තාක්ශනික පේමිතිය භාවිතාවන අතර නිකුත්වන නවතම නිවේදනයකට අනූව HDMI Forum  වෙතින් HDMI 2.1 හි ප්‍රමිතීන් මේ වන විට නිවෙදනය වීම ආරම්භ වෙමින් ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. resolutions අතින් සැලකීමේ 10K දක්වා සහයක් පලවන බවට කියවෙන අතර විවිධ refresh rate හැකියාවන් ගෙනෙන “Game Mode VRR” හැකියාව ගැනද පැහැදිලි කෙරෙනවා. මීට අමතරව HDMI 2.1 සමග enhanced Audio Return Channel,  නැතිනම් eARC පැමිනෙන බවටද පැහැදිලි කෙරෙනවා. 48Gbps bandwidth කේබල් හැකියා සහයක් බලපොරොත්තුවන මෙම නව ප්‍රමිතීන් PC අකාරයට වඩා රූපවාහිනී භාවිතාවන් දෙසට වඩා අවධානය යොමුව ඇති බවටයි කියවෙන්නේ. අවසාන නිවෙදනය වීම මෙම වසරේම බලාපොරොත්තුවෙමින් ඇති අතර 2017 තුලදීම නව ප්‍රමිතීන් ‍රැගත් උපාංග වෙළඳ පොලට පැමිනෙනු ඇති බවට බලපොරොත්තු වෙනවා.