එලබෙමින් ඇති තොරතුරු ලෝකයේ අනාගතය පිලිබදව සටහනේ Internet of Things පිලිබදව සටහන ප්‍රධානතම අංගයක් ලෙසට සැලකේ. Microsoft සමාගමද ගෙවී ගිය සතියේ Windows 10 IoT Core නම් සැහැල්ලු මෙහෙයුම් පද්ධතිය නිකුත්කරමින් එලබෙන තොරතුරු ලෝකයට තමන්ගේ සූදානම තහවුරු කරන්නට කටයුතු කරන ලදී. Google ආයතනයද මේසදහා වන සූදානම පලකරන්නේ Brillo නම් සැහැල්ලු මට්ටමේ මෙහෙයුම් පද්ධතියක් සදහා සූදානම් වෙමිනි. අඩු RAM බලයක් මෙන්ම දෘඩාංග පරිසරයක හොඳින් ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් පද්ධතිය streamlined operating system එකක් ලෙසට සැලකෙන අතර එලබෙන May 28ට නියමිත Google I/O වලදී මේ පිලිබදව වැඩි දුර විස්තර බලාපොරොත්තුවනවා. මෙම හමුවේදී Google ආයතනය තම ඇන්ඩ්‍රොයිඩ් වල මීලග ප්‍රධාන සංස්කරනය පිලිබදවද තොරතුරු හෙලිකරනු ඇති බවටත් මේ වන විට බලපොරොත්තු වෙමින් තිබෙනවා.