Nexus 5 භාවිතාකරන්නෙකු වූ Andrei Mankevich තම උපාංගයේ වන අක්‍රමිකතාවන් පිලිබදව සැලකිලි මත්වීමේදී හඳුනා ගන්නට ලැබෙන්නේ එහි malicious software වක් පවතින බවකි. ඔහු මේ පිලිබදව Avast වල forum සටහනක් තබන්නට කටයුතු කල අතර ක්‍රමයෙන් හෙලිවන්නට වූ තොරතුරු විසින් පැහැදිලි කෙරෙන්නේ මෙම හානිකරය Google Play Store ඌසේ පැමින ඇති බවත් සාමාන්‍ය මට්ටමටත් වඩා හානිකර බවකින් එම Adware-infected apps ක්‍රියාත්ම වෙමින් සිටින බවත්ය. එහි වන malicious code ක්‍රියාත්මක වෙමින් දුරකථනය සංක්‍රීයකර වන හැම විටකම pop-up messages ඔස්සේ තව තවත් apps බාගත කර ගැනීම් වලට පොලබවාන් බවක් පෙන්වාදෙනවා. භාවිතාකරන්නාගේ තොරතුරු අනවශ්‍ය ප්‍රමානයකට ‍රැස්කරමින්ද මෙසේ බගත කර ගැනීම් වලට පොලබවනු ලබන apps අතර Russian card game, Durak කැපී පෙනෙන බවට පවසන හදාරන්නන් එය ten million වාර ගනනක් දැනටමත් බාගත්වීම් සිදුව ඇති බවට පෙන්වා දෙනවා. එම බාගත කර ගැනීමෙන් අනතුරුව දින කිහිපයක් හොඳින් ක්‍රියාත්මක වන මුත් පසුව performance degradation වැනි ලක්ෂනයන් ගෙනෙන්නට පටන් ගන්නා බවටයි හෙලි වන්නේ. ඔවුන් වැඩිදුරටත් පැහැදිලි කරන්නේ මෙහි වන සියලුම ads හානිකරයන් කරා යොමු නොකරන අතර සමහර ඒවා Google Play Store වල වන genuine security apps වෙතට්ද යොමු කරන්නට කටයුතු කරන බව දක්වනවා.Google ආයතනය දැනටමත් මෙම malicious apps ඉවත්කරන්නට කටයුතු කර ඇති මුත් ආසාධිත දුරකථන වෙතට තවමත් විසඳුමක් ලබා දී නැති බවටයි පැහැදිලි වන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ පසුගිය දෑ වසර සැලකීමේදී Google Play වල malware-infected apps පැමිනීම 388%ක වැඩිවීමක් දක්නට ලැබෙන බවටයි.