Google ආයතනය passkey හැකියාව නිවේදනය කරනු ලැබුවේ October 2022 වලදීය. අද එනම් World Password Day වලට දිනකට පෙර පවසා සිටින්නේ එම passkey සහය Google account වලට signing වීමටද සූදානම් බවයි. ආයතනය පැහැදිලි කරන්නේ passwords වලට වඩා ආරක්ෂිත මෙන්ම පහසු මෙම භාවිතාව ඔස්සේ fingerprint, a face scan, screen lock PIN. වැනි භාවිතාවකට යාහැකි වන අතර එය SMS one-time codes වැනි භාවිතාවකටද වඩා ආරක්ෂිත බවටයි .මෙම Passkey සහය option එකක් වන අතර එය Google Accounts සදහා passwords හා 2-step verification වලට අමතරව භාවිතාකරන්නට හැකි වනු ඇත. මෙහිදී passkey ගබඩා වන්නේ භාවිතාකරන උපාංගයේ මිස serverයේ නොවන බව වඩාත් ආරක්ෂිත බවක් ගෙනෙන අතර එම උපාංග අස්ථානගත වීමකදී Google account settings ඔස්සේ revoke කිරීමක් සදහා recovery phone / email හැකියාවක් ගිණුමට සම්බඳ කර තබන්නට උපදෙස් දෙමින් සිටිනවා.
Pubudu Siriwansa