Google තොරතුරු ලෝකය මත විසල් අනන්‍යතාවයකි. නෙක ආකරය ගත් සේවාවන් රාශියක් වෙබ් අවකාශයට ගෙනෙන වෙළඳ නාමයකි. සෙයුම් යාන්තරනයකි , ඊමේල් සේවාවකි , මොබයිල් මෙහෙයුම් පද්ධතියක් ගෙනෙන්නෙකි , බ්ලොග් අවකාශ සේවාවක් ලබාදෙන්නෙකි , තොරතුරු භාවිතාව සාම්ප්‍රධායික රාමුවෙන් ඔබ්බට ගෙනයන්නට සමත් දත්ත උපාංග නිෂ්පාදනයට එලබ සිටිනෙකි. මෙකී නොකී නෙක ආකාරයේ සේවාවන් හා උපකරන රාශියකින් ලොව දත්ත භාවිතාවේ ප්‍රමුකතම නමක් දිනා ගත් ආයතනයකි. මේ සියලු සේවාවන් සැලකීමේදී ඒවාවට වන විකල්පද බොහෝය. Google+ සමජ ජාලාව සැලකීමේදී විකල්ප සමාජ ජාලා ඇතුවා මෙන්ම ඊමේල් සේවාව සැලකීමෙදීද විකල්ප ඇත. හදාරන්නන් යෝජනා කරන්නේ මේ සියල්ල අතරින් Google සෙයුම් යන්ත්‍රය සැලකීමේදී එයට ඇති විකල්ප සේවාවන්ට අහලකටවත් පැමිනිය නොහැකි ස්ථාවරයක් , දායකත්වයක් ලොවට ලබා දෙමින් සිටින බවයි. වෙබ් භාවිතාවේ මූලිකතම අවශ්‍යතාවයක් සලසන සෙයුම් යන්ත්‍ර භාවිතාවේ මෙම යෝධයාගේ මොහොතක නොපැමිනීම සමස්ථයටම දැනෙන්නක් වීම මේ වන විට බිහිවෙමින් පවතින්නකි.
සෙයුම් යාන්ත්‍රනය සමග ක්‍රියාත්මක වෙමින් ලාබ ලබා දෙන යාන්ත්‍රනය දැන්වීම් පලකිරීමය. Google වල ක්‍රියාත්මක වන මෙම යාන්ත්‍රනය උපයන ධනය නොවන්නට එහි අත්හදා බැලීමේ මට්ටමින් පැවතෙන බොහෝ අංශ මේ වන විටත් වසා දමා අවසානය. බොහෝ ආයතනයන් මිලදී ගනිමින් තම මූලික සෙයුම් යාන්ත්‍රනයට අඩු වැඩි ලෙසට සම්බන්දව ඒවායේ තාක්ශනයන් දියුනු කිරීම ඔවුනගේ ප්‍රධානතම චලනයකි. විටක මොබයිල් ආයතනයක් වන් විට තව විටක කෘතීම බුද්ධිය(AI) සම්බන්ද තාක්ශනික ආයතනයක් මිලදී ගනී. තවත් විටක project x වැනි ව්‍යාපෘති ඔස්සේ විද්‍යා ප්‍රබන්ධ හා සැබෑ ලෝකය යාවන උපාංග පිලිබදව අත්හදා බැලීම් වලට පිවිසෙන්නට ඔවුන් කටයුතු කරයි.
හදාරන්නන් පවසන්නේ අනාගත Google ආයතනය වෙබ් ආශ්‍රිත සේවාවන් රාශියක් ලබාදෙන ආයතනයක් වීම දෙසට ගමන් කරන බවයි. Google Glass , Google car , Robots මේවායින් සමහරකි. සමහරුන් අර්ථ දක්වන්නේ ඔවුන් සතු සෙයුම් යන්ත්‍ර දත්ත භාවිතාව හුදු වෙබ් සෙයුම් යන්තරයක් ලෙසට පමනක් නොව දෛනික ජීවිතයේ වැදගත් වන උපංග ඔස්සේ භාවිතාකරන්නන් වෙතට ගෙන එන්නට එම ආයතනය කටයුතු කරමින් සිටින බවකි.