අවසර පද සොරා ගැනීම නිරන්තර අභියෝගයකි. අද වන විට බහුලව ඇති අමතර අවසර සැකසුම් එනම් Two-factor authentication වැන්නක් ගිනුම සදහා සක්‍රිය කර නැතිනම් තත්වය වඩාත් භ්‍යානක විය හැක. 2012 සිදුවූ online breaches එකකින් LinkedIn වල තොරතුරු විශාල ප්‍රමානයක් ප්‍රසිද්ධවීම වැනි තත්වයකදී භාවිතාකරන්නන් බොහෝ අපහසුතාවයන් වලට මුහුන දීමට සිදුවේ. LinkedIn පසුව වාර්ථා කලේ 6.5million තරම් usernames / passwords පැහැරගන්නන් විසින් අත්පත් කර ගත් බවයි. Google ආයතනය තම Chrome සදහා tool එකක් 2019 හඳුන්වා දුන්නේ Password Checkup ලෙසට නම්කර වන අතර එය free add-on (Chrome) එකක් ලෙසට ඔබටද ලබා ගෙන එය ඔස්සේ ඔබගේ usernames / passwords ද hackers විසින් පැහැරගෙන online කර ඇත්දැයි සොය අබලන්නට හැකි වනු ඇත. ඔවුන් පැහැදිලි කරන්නේ දැනට වන known databases එකෙහි 4billion usernames / passwords වන බවයි. ඔබ Google Chrome භාවිතකරන්නෙක් නම් මෙම Chrome extension එක ස්ථාපනය කර background වල run වීමට ඉඩ හැර login details වල සුරක්ෂිත බව ගැන තහවුරුවක් ලබා ගන්නට හැකි වනු ඇත. ( https://passwords.google.com/intro )
Pubudu Siriwansa