YouTube වෙතින් පසුගියදා පැවසුනේ තමන් Adobe Flash ප්ලේයර් මුලික ක්‍රියාකාරිත්වයේ සිට HTML5 player මූලික ක්‍රියාකාරීත්වයකට හුවමාරු වෙමින් සිටින බවකි. පැමිනෙන නවතම තොරතුරු පැහැදිලි කරන්නේ ඔවුන් තම Google Ads Display Network තුලද Flash ads සිට HTML5 දක්වා වෙනස්වීම අරබා ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ mobile devices වල වැඩි වෙමින් ඇති flash වෙත සහය නොදැක්වීමේ ප්‍රවනතාවය මේ සමග මග හරින්නට හැකි වනු ඇති බවකි. google ආයතනය September 2014 සිට මෙම හැකියාව මැනුවල් ආකාරයට ලබදී තිබූ අතර February 25 සිට එය ස්වංක්‍රීයව සිදුවන්නක් බවට පත්වන බවටයි එම ආයතනය විස්තරකර සිටින්නේ. ක්‍රමයෙන් ඉවත්වෙමින් යන Flash භාවිතාව තව දුරටත් වේගවත් කරන්නට මෙම පියවරයන්ද හේතුවනු ඇති බවටයි විචාරනය වෙමින් ඇත්තේ.