Gmail යනු ලොව බහුලතම email භාවිතාවය. එසේ මුත් පසුගිය වසර කිහිපය පුරාම Google ආයතනය විසින් Gmail වෙතට ප්‍රධාන ගනයේ updates නිකුතුවක් නොකරන ලදී. Google පවසන්නේ තමන් Gmail වෙතට නව user interface එකක් ගෙනෙන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව interface එක ඔස්සේ පහසුවෙන් applications අතර ගමන් කරන්නට හැකි වන බවයි. පලමුව මෙම නව පැමිනීම optionally වන අතර එය දැනට February 8 වල සිට opt-in banner ආකාරයට පැමිනෙන බවට පවසනවා. අනතුරුව April වල සිට එය Gmail වල සාමාන්‍ය UI එක වන අතර අවශ්‍යනම් classic interface වලට roll back අවස්ථාව ගෙනෙන බවටද අවසානයේ Q2 2022 වන විට ඒය standard UI එක වීම හා අනිවාර්ය භාවිතාව වන්නට නියමිතයි. නව පැමිනීම Microsoft වල Outlook හා සාමන බවක් ගන්නා අතර Email වඩාත් පහසුවෙන් සංවිධානය කරගන්නට හැකිවීමත් Chat නැතිනම් Meets වැනි පහසුකම් සදහා එකම browser window වලටම ගොනුවීමත් Notification bubbles ඔස්සේ භාවිතය වඩාත් පහසු කිරීමත් ඇතුලු තවත් පහසු කම් සමග Google පොරොන්දු වෙන්නේ unified search experience එකක් ගෙනෙන්නට තමන් සූදානම් බවයි.
Pubudu Siriwansa