crosoft වෙතින් Cortana. Google වෙතින් Google Now හා Apple වෙතින් Siri ලෙසට නෙක නම් ගනිමින් සියලුම පාහේ ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ශනය සම්බන්ධිත ආයතනයන් තමන්ගේම වන යම් digital assistants සේවාවක් පවත්වාගෙන යන්නට කටයුතු කරමින් සිටී. මේ තුල පැමිනෙන voice-to-text හැකියාව බොහෝ විට වඩාත් භාවිතාකරන්නාගේ සිත් ගන්නා මෙන්ම මහත් පහසුවක් ගෙනෙන සේවාවක් ලෙසට පිලි ගැනේ. මේ වන විට Facebook ආයතනයද නිවේදනය කර සිටින්නේ voice-to-text හැකියාවක් තම Messenger app වෙතට ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවකි. Digital Life Design Conference හමුව අමතමින් එම ආයතනයේ ඉහල විධායකයන් හෙලිකර සිටියේ මෙම නව දියුනු කිරීම Facebook mobile app වෙතින් දුරස්ව standalone app එකක් ලෙසට පැමිනෙනට සැලසුම්ව ඇති බවත් හා එය වඩාත් ජනංප්‍රිය text messaging විකල්පයක් ලෙසට භාවිතාකරන්නන් අතරට පැමිනීම තමන් අරමුනුකරගෙන සිටින බවකි. විටක වඩාත් සංකීර්න භාෂා ඔස්සේ මෙසේ Type කිරීමේදි වන අපහසුතා මග හැරවෙනවා සේම කාර්යබහුල ජීවිතයටද එය මහගු සහයක් සපයනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ. මෙම පහසුව බොහෝ විට 2015 තුල නිකුත්වන්නට ඉඩ ඇති බවටයි වැඩි දුරටත් එහිදී බලපොරොත්තු පලවූවේ.