ලොව බහුලතම භාවිතවක් ලබන සමාජ ජාලාව වන්නේ Facebook.com අඩවියයි. ඔවුන් තම 2014 වසර සදහා වන වාර්ථාව පසුගියදා නිකුත් කරමින් පවසා සිටියේ 2014 වසර තුලදී සංක්‍රීය මට්ටමේ භාවිතාකරන්නන්ගේ පැමිනීම සියයට 13කින් ඉහල ගොස් ඇති බවකි. එනම් මාසිකව සංක්‍රීයව අඩවිය භාවිතාකරන්නන්ගේ සංක්‍යාව 1.39 billion ප්‍රමානයක් වන බවකි. දෛනිකව සැලකීමේදී 890 million ප්‍රමානයක් ලෙසට ඔවුන් එය සංක්‍යාත්මකව දක්වනවා.
මොබයිල් භාවිතාව තුල අඩවිය වෙතට පැමිනීම වේගයෙන් ඉහල යමින් පවතින බවට පවසන ඔවුන් මේ වන විට මිබයිල් මට්ටමේ පමනක් වන භාවිතාකරන්නන්ගේ ප්‍රමානය 526 million ලෙසට දක්වා සිටිනවා. පසුගිය වසර සැලකීමේදී එම සංක්‍යාව 296 million ලෙසට සදහන් කරන ඔවුන් මෙම වසර වන විට වැඩිවීමේ ප්‍රථිශතය සියයට 78ක ඉහල යාමක් පෙන්වා දෙනවා. එසේම දෛනිකව මොබයිල් ආකාරයට අඩවිය වෙතට එන්නන්ගේ ප්‍රමානය 745 million ලෙසටද දක්වා ලනවා. පසුගිය වැසරේ ලාභ ලැබීම $701 million ලෙසට පවසන එම ආයතනය පෙර වසර සමග සැසදීමේදී සියයට 58ක ඉහල යාමක් ලෙසට දක්වා සිටිනවා. Facebook ආයතනය “Facebook at Work” හඳුන්වාදීමත් සමග ව්‍යාපාරික භාවිතාව තුලට වඩාත් පිවිසීමක් බලාපොරොත්තුවෙමින් සිටිනවා.