e සිග‍රැට්‍ටුව කදිම හා හිතකර විකල්පයකි. ක්‍රමයෙන් සම්මත සමාජයන් ගෙන් බැහැර වෙමින් ඇති දුම්පානය නම් සෞක්‍ය මෙන්ම සමාජීයව ව්‍යසනාත්මක පුරුද්දෙන් බැහැර වීමට එය කඳිම සහයක් ලෙසට පිලි ගැනේ. පලවන නවතම වාර්ථා හෙලි කරන්නේ එම කදිම විකල්පය වෙනත් ආකාරයක ගැටලුවක් නිර්මානය කරමින් සිටින බවකි. එනම් පරිගණකයන් වෙතටය. එනම් ආසාධිත e-cigarettes ඔස්සේ තම දුම්පානය නැමති අහිතකර පුරුද්ද මග හැර සිටින තොරතුරු තාක්ෂනයට සම්බන්දිත පුදගලයන් තම e-cigarettes නැවත බල ගන්වා ගැනීම සදහා USB කවුලුවක් ඔස්සේ පරිගණකයට සම්බන්ද කිරීමේදී අවිධිමත් නිෂ්පාදනාගාර ඔස්සේ පැමිනෙන Malware පරිගණකයට පැමිනීමේ දක්නට ලැබෙමින් ඇති බවකි. ඔවුන් හෙලිකර සිටියේ e-bay ඔස්සේ මිලදී ගන්නා “made in China” ආකාරයේ $5 e-cigarette ඔස්සේ මෙම ආසාධිත බව පහසුවෙන් පැමිනෙමින් ඇති බවකි. මෙසේ අවිධිමත් ආකාරයට වන නිෂ්පාදන කර්මාන්තශාලා මට්ටමේදීම සිට මෙසේ ආසාධිත බව ‍රැගෙන එන battery chargers මෙන්ම USB powered photo frames පිලිබදව තොරතුරු හෙලිවීම් සිදුවූ අතර මෙපමනක් නොව බොහෝ අඩුමිලැති පරිගණක උපකර සදහා අදාල මෘදුකාංග ආදිය විටක ගබඩා කොට පවතින්නේ එම කර්මාන්තශාලාවල සේවකයන්ගේ පෞද්ගලික භාවිතවට පවා යොදා ගන්නා pen drives වැනි උපාංග මත වීම එහිදී ඇති අනතුරුදායක බව පැහැදිලි කෙරෙමින් හෙලිව තිබෙනවා.